Jnex POS · POS System Sri Lanka

කඩේ බිල් ගහන එක ලේසි කරගමු

Internet නැතත් ප්‍රශ්නයක් නෑ. බිල් ගහන්න, stock බලන්න, ණය ලියාගන්න — හැමදේම ඔයාගේ computer එකෙන්ම.

Rs 10,000 සිට · එක පාරක් ගෙවුවාම ජීවිතේටම · සීමිත පිරිසකට විතරයි

කඩුවක් අතේ තියාගත්ත සාම්ප්‍රදායික වෙස් මුහුණු රණශූරයා
Internet ඕන නෑ
ඉක්මනට බිල් ගහන්න පුළුවන්
Thermal printer එකටත් හරි
Owner / Cashier වෙනම passcode

විශේෂාංග

කඩේකට දවස ගානේ ඕන වෙන දේවල් ඔක්කොම එක තැනක.

Billing

  • Touch කරලා ලේසියෙන් බිල් ගහන්න පුළුවන් screen එකක්
  • Barcode scan කරලා හරි numpad එකෙන් හරි item දාන්න පුළුවන්
  • Cash ගාණ ගහලා Enter එබුවම payment එක confirm වෙලා receipt එක print වෙනවා
  • Cash / Card / Account (ණය) වලින් ගෙවන්න පුළුවන්
  • Item එකකටත් මුළු bill එකටත් discount දාන්න පුළුවන්
  • බිල් එකක් අතරමග නවත්තලා පස්සේ ආයෙ continue කරන්න පුළුවන් (Hold Sale)
Jnex POS බිල් ගහන තිරය

Receipt Printing

  • XP-80T වගේ Thermal printer එකෙන් කිසි popup එකක් නැතුව auto-print
  • කඩේ logo එක receipt එකේ උඩින්ම මැදට
  • 80mm / 58mm paper width තෝරගන්න පුළුවන්
  • Discount, cash/change, refund විස්තරත් receipt එකේ පේනවා
Print කරපු receipt එකක පෙනුම

Stock බලාගන්න

  • Products, categories, stock ප්‍රමාණය බලාගන්න පුළුවන්
  • Stock 5ට අඩු වුනාම ඉබේම alert එකක් එනවා
  • Excel / Google Sheets වල හදපු CSV එකකින් products ඔක්කොම එකපාර දාගන්න පුළුවන්
  • Cost price පේන්නේ owner ට විතරයි, cashier ට පේන්නේ නෑ
Owner menu එක — Inventory, Reports, Settings

ණය (ගිණුම්)

  • Customer accounts හදලා ණය ලියාගන්න පුළුවන්
  • ණය settle කරන්න බොත්තම් තියෙනවා
  • Customers ලාවත් CSV එකකින් එකපාර දාගන්න පුළුවන්

ආරක්ෂාව

  • Owner ටයි Cashier ටයි වෙන වෙනම passcode
  • Shift එක මැද්දේ Lock කළොත් ආයෙ passcode එක ගහලා login වෙන්න ඕන
  • Cashiers කීදෙනෙක් වුනත් add / remove කරන්න පුළුවන්
Passcode ගහලා unlock කරන lock screen එක

ඔයාගේම Branding

  • කඩේ logo එක upload කරන්න, වෙනස් කරන්න, delete කරන්න පුළුවන් — receipt එකටත් ඉබේම වැටෙනවා
  • ඔයාගේම app icon එකයි installer එකයි තියෙන Windows app එකක්

වාර්තා සහ Refund

  • දවස / සතිය / මාසය අනුව revenue, cost, profit බලාගන්න පුළුවන්
  • Bill history එකෙන් item එකක් විතරක් හරි මුළු bill එකම හරි refund කරන්න පුළුවන්
දවසේ revenue, cost, profit පෙන්නන sales report එක
Laptop එකක වැඩ කරන සාම්ප්‍රදායික වෙස් මුහුණු රණශූරයා

ඇයි Jnex POS?

01

Internet ඕන නෑ

Data ඔක්කොම තියෙන්නේ ඔයාගේම computer එකේ. Net නැති වෙලාවටත් බිල් ගහන්න පුළුවන්.

02

Checkout එක ගොඩක් ඉක්මන්

Barcode scan කරන්න, නැත්නම් numpad එකෙන් ගහන්න. Cash ගාණ ගහලා Enter එබුවම receipt එක print වෙනවා.

03

ඔයාගේ කඩේ, ඔයාගේ logo

Receipt එකේ උඩින්ම ඔයාගේ කඩේ logo එක මැදට print වෙනවා.

තිර දර්ශන

System එක ඇත්තටම පේන විදිහ. ලොකු කරලා බලන්න click කරන්න.

මුලින්ම පාවිච්චි කරලා බලන්න. කැමති නම් විතරක් ගන්න.

WhatsApp / කෝල්: 076 402 6876

ඕනෑම කෙනෙකුට දවස් 3ක් free පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ගන්න කැමති නම් Rs 10,000 සිට, එක පාරක් ගෙවුවාම ජීවිතේටම. මේක දෙන්නේ සීමිත පිරිසකට විතරයි.

නිතර අසන ප්‍රශ්න

Internet නැතුවත් වැඩ කරනවාද?

ඔව්. Data ඔක්කොම ඔයාගේ computer එකේම save වෙනවා. Connection එකක් නැතුවත් බිල් ගහන්න පුළුවන්.

මොන printer එකද පාවිච්චි කරන්න පුළුවන්?

XP-80T වගේ Thermal printer එකක් නම් හරි. 80mm, 58mm දෙකම තෝරගන්න පුළුවන්.

Cashier ට cost price පේනවාද?

නෑ. Cost price පේන්නේ owner ට විතරයි.

Products එකපාර දාගන්න පුළුවන්ද?

පුළුවන්. Excel / Google Sheets වල CSV එකක් හදලා එකපාර import කරන්න පුළුවන්.

Free trial එක කාටද?

කාටත් පුළුවන්. දවස් 3ක් සම්පූර්ණ system එක පාවිච්චි කරලා බලන්න.

Trial එක ඉවර වුනාම මොකද වෙන්නේ?

System එක lock වෙනවා, ඒත් ඔයාගේ data export කරගන්න පුළුවන්. ඉස්සරහට පාවිච්චි කරන්න ඕන නම් අපිට කතා කරන්න.

Rs 10,000 කියන්නේ ජීවිතේටම ද?

ඔව්, Rs 10,000 සිට පටන් ගන්නවා. එක පාරක් ගෙවනවා, මාසික ගාස්තුවක් නෑ.

ඇයි සීමිත පිරිසකට විතරක්?

කඩේ අයිතිකාරයෝ එක්ක කෙලින්ම වැඩ කරන්න කැමති නිසා, මුලින්ම ගන්න සීමිත පිරිසකට විතරයි මේ මිලට දෙන්නේ.

අමතන්න

ඕන දෙයක් අහන්න, අපි උදව් කරන්නම්.